
GCE Advanced Level Biology 2016 MCQ - Sinhala
10 of 50 questions loaded
ශාක සෛලවල පහත දැක්වෙන ඉන්ද්‍රියිකා අතුරෙන් කවරක් මේද, කාබෝහයිඩ්‍රේටවලට පරිවර්තනය කරයි ද?
ලයිසොසෝම
පෙරොක්සිසෝම
ග්ලයොක්සිසෝම
අන්තඃප්ලාස්මීය ජාලිකාව
ගොල්ගි සංකීර්ණය
පහත සඳහන් කවරක් ප්‍රාග්න්‍යෂ්ටික ජීවීන් සම්බන්ධයෙන් නිවැරදි ද?
සියලු ම ප්‍රාග්න්‍යෂ්ටික ජීවීන් විෂමපෝෂීන් වේ.
සියලු ම ප්‍රාග්න්‍යෂ්ටික ජීවීන්ගේ සෛල බිත්තිවල පෙප්ටිඩොග්ලයිකෑන දක්නට නොලැබේ.
සියලු ම ප්‍රාග්න්‍යෂ්ටික ජීවීන්ට වායුගෝලීය නයිට්‍රජන් තිර කිරීමට හැකි ය.
සියලු ම ප්‍රාග්න්‍යෂ්ටික ජීවීන්ගේ රයිබොසෝම දක්නට නැත.
සියලු ම ප්‍රාග්න්‍යෂ්ටික ජීවීන් ක්ෂුද්‍රජීවීන් නොවේ.
එක්තරා ජීවියෙකුගේ DNA වල සංයුතියෙන් 23.3% ක් ඇඩිනීන් (A) භෂ්මය වේ. පහත සඳහන් කවරක් එම ජීවියාගේ DNA වල භෂ්ම සංයුතිය විය හැකි ද?
A = T 23.3% සහ G = C 23.3%
A = T 26.7% සහ G = C 26.7%
A = T 23.3% සහ G = C 26.7%
A = T 26.7% සහ G = C 23.3%
A = T 23.3% සහ G = C 76.7%
පහත සඳහන් කවර ‘ව්‍යුහය-කෘත්‍යය' සංකලනය වැරදි ද?
ව්‍යුහය කෘත්‍යය
| ව්‍යුහය | කෘත්‍යය | |
|---|---|---|
| (1) | න්‍යෂ්ටිකාව | රයිබොසෝම නිපදවීම |
| (2) | ග්ලයොක්සිසෝම | ශාකවල ප්‍රභාශ්වසනය |
| (3) | සෛලසැකිල්ල | සෛලයේ හැඩය නිර්ණය කිරීම |
| (4) | රික්තක | සෛලීය ක්‍රියාවන්ට අවශ්‍ය ද්‍රාව්‍ය ද්‍රව්‍ය ගබඩා කිරීම |
| (5) | ගොල්ගි සංකීර්ණ | ලයිසොසෝම නිපදවීම |
පහත සඳහන් කවරක් ලැක්ටික් අම්ලය පැසීම, මද්‍යසාරීය පැසීම හා ස්වායු ශ්වසනයට පොදු වේ ද?
ග්ලයිකොලිසිය
ක්‍රොබ්ස් චක්‍රය
ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය
පයිරුවේට්වලින් ඇසිටයිල් සහ-එන්සයිම A සෑදීම
ග්ලූකෝස්, $\ce{CO2}$ වලට සහ ජලයට ඔක්සිකරණය වීම
ශාකවල $C_3$ සහ $C_4$ ප්‍රභාසංශ්ලේෂණ පහත දැක්වෙන සංසන්දන අතුරෙන් වැරදි වන්නේ කුමක් ද?
| $C_3$ | $C_4$ | |
|---|---|---|
| (1) |
$\ce{CO2}$ තිර කිරීම සිදු වන්නේ එක් වරක් පමණි. |
$\ce{CO2}$ තිර කිරීම දෙවරක් සිදු වේ. |
| (2) |
ප්‍රධාන $\ce{CO2}$ ප්‍රතිග්‍රාහකය RuBP වේ. |
ප්‍රධාන $\ce{CO2}$ ප්‍රතිග්‍රාහකය PEP වේ. |
| (3) |
$\ce{CO2}$ තිර කිරීමේ එන්සයිමය RuBP කාබොක්සිලේස් වේ. |
$\ce{CO2}$ තිර කිරීමේ එන්සයිමය PEP කාබොක්සිලේස් වේ. |
| (4) | ප්‍රභාසංශ්ලේෂණ ඵලදාව වැඩි ය. | ප්‍රභාසංශ්ලේෂණ ඵලදාව සාමාන්‍යයෙන් අඩු ය. |
| (5) | ප්‍රභාසංශ්ලේෂණයේ ප්‍රථම ඵලය PGA වේ. | ප්‍රභාසංශ්ලේෂණයේ ප්‍රථම ඵලය ඔක්සැලොඇසිටේට් වේ. |
A, B, C සහ D ලෙස සලකුණු කර ඇති එක් එක් ජීවියාගේ ලක්ෂණයක් බැගින් පහත දී ඇත.
$Cycas$, $Marchantia$, $Selaginella$ සහ $Pogonatum$ වේ.
$Pinus$, $Pogonatum$, $Cycas$ සහ $Nephrolepis$ වේ.
අඹ, $Nephrolepis$, $Lycopodium$ සහ $Marchantia$ වේ.
කෙසෙල්, $Pinus$, $Nephrolepis$ සහ $Marchantia$ වේ.
$Pogonatum$, $Cycas$, $Marchantia$ සහ $Nephrolepis$ වේ.
ජීවීන් වර්ගීකරණයේ දී වංශය නැමැති තක්සෝනය හඳුන්වා දුන්නේ,
කාල් වූස් ය.
රොබට් විටෙකර් ය.
අර්නස්ට් හේකල් ය.
කැරොලස් ලින්ය ය.
ඇරිස්ටෝටල් ය.
ග්ලයිකොජන් ප්‍රධාන සංචිත ආහාරය ලෙස ඇති ජීවීන් අයත් වන වංශ දෙකක් වන්නේ,
කිට්‍ර්ඩියොමයිකෝටා සහ ලයිකොෆයිටා ය.
සයිගොමයිකෝටා සහ ටෙරොෆයිටා ය.
කෝඩේටා සහ ක්‍රිසෝෆීටා ය.
සයිකැඩොෆයිටා සහ ෆියෝෆීටා ය.
බැසීඩියොමයිකෝටා සහ ඇස්කොමයිකෝටා ය.
ස්පර්ශක යුගලක් සහ දේහයේ සෑම ඛණ්ඩයක ම උපාංග යුගලක් දරන සතෙක් ශිෂ්‍යයෙකු විසින් නිරීක්ෂණය කරන ලදී. එම සත්ත්වයා අයත් වන්නේ පහත සඳහන් කුමන වර්ගයට ද?
ක්‍රස්ටේශියා
කයිලොපෝඩා
ඩිප්ලොපෝඩා
ඉන්සෙක්ටා
ඇරක්නීඩා