
GCE Advanced Level Chemistry 2016 MCQ - Sinhala
10 of 50 questions loaded
හයිඩ්‍රජන්වල විමෝචන වර්ණාවලියේ තරංග ආයාමය $4.42 \times 10^{-7} \mathrm{m}$ වන කොළ ආලෝකය නිරික්ෂණය කර ඇත. මෙම කොළ ආලෝකයේ එක් ෆෝටෝනයක ශක්තිය වනුයේ,
$4.5 \times\ 10^{-19}\ \mathrm{kJ}$
$2 \times\ 10^{-19}\ \mathrm{kJ}$
$1.5 \times\ 10^{-19}\ \mathrm{kJ}$
$4.5 \times\ 10^{-22}\ \mathrm{kJ}$
$19.9 \times\ 10^{-26}\ \mathrm{kJ}$
පහත දී ඇති පරමාණුවලින් කුමක්, එහි වායුමය අවස්ථාවේ දී ඉලෙක්ට්‍රෝනයක් ලබා ගත් විට විශාලතම ශක්ති ප්‍රමාණය පිට කරයි ද?
$\ce{R}$
$\ce{P}$
$\ce{Na}$
$\ce{Mg}$
$\ce{Ne}$
X සංයෝගයේ IUPAC නම කුමක් ද?
ethyl 2-formyl-2-nitrile-4-pentynoate
2-cyano-2-ethoxycarbonyl-4-pentynal
2-ethoxycarbonyl-2-nitrile-4-pentynal
ethyl-2-cyano-2-formyl-4-pentynoate
ethyl 2-cyano-2-formyl-4-pentynoate
$\mathrm{s}$ හා $\mathrm{p}$ ගොනුවේ මූලද්‍රව්‍ය සාදන අයනවල විශාලත්වය සම්බන්ධයෙන් පහත සඳහන් කුමන වගන්තිය අසත්‍ය වේ ද?
කැටායන, ඒවායේ උදාසීන පරමාණුවලට වඩා සැමවිටම කුඩා ය.
ඇනායන, ඒවායේ උදාසීන පරමාණුවලට වඩා සැමවිටම විශාල ය.
ආවර්තයක් හරහා වමේ සිට දකුණට කැටායනවල විශාලත්වය අඩු වේ.
ආවර්තයක් හරහා වමේ සිට දකුණට ඇනායනවල විශාලත්වය වැඩි වේ.
දෙවැනි ආවර්තයේ මූලද්‍රව්‍ය සාදන ඇනායන, තුන්වැනි ආවර්තයේ මූලද්‍රව්‍ය සාදන කැටායනවලට වඩා විශාල වේ.
මූලද්‍රව්‍යයක පරමාණුවක අවසාන ඉලෙක්ට්‍රෝන දෙක හා සම්බන්ධ ක්වොන්ටම් අංක ඉලක $(3, 0, 0, +^1/_2)$ සහ $(3,0,0,-^1/_2)$ වේ. මූලද්‍රව්‍යය වනුයේ.
$\ce{Li}$
$\ce{Na}$
$\ce{Mg}$
$\ce{AI}$
$\ce{K}$
$\ce{KIO3}$ $0.60\ \mathrm{g}$ ක නියැදියක් ජලයේ දියකර එයට වැඩිපුර $\ce{KI}$ එකතු කරන ලදි. $\ce{KIO3}$ සම්පූර්ණයෙන් ම $\ce{I3-}$ බවට පත් කිරීමට අවශ්‍ය වන අවම $3.0\ \mathrm{mol\ dm^3}$ $\ce{HCI}$ ප්‍රමාණය වන්නේ , $\ce{(O = 16, K = 39, 1= 127)}$
$1.0\ \mathrm{cm^3}$
$4.7\ \mathrm{cm^3}$
$5.6\ \mathrm{cm^3}$
$10.2\ \mathrm{cm^3}$
$25 °\mathrm{C}$ දී $\ce{MnS(s)}$ හි ද්‍රාව්‍යතා ගුණිතය, $K_{sp}$ $5.0 \times\ 10^{-15}\ \mathrm{mol^2 dm^{-3}}$ වේ. $\ce{H2S (aq)}$ හි අම්ල විඝටන තියන $K_1$ හා $K_2$ පිළිවෙළින් $1.0 \times\ 10^{-7}\ \mathrm{mol dm^{-3}}$ හා $1.0 \times\ 10^{-13}\ \mathrm{mol dm^{-3}}$ වේ.
$\ce{MnS(s) + 2H+(aq) <=> Mn^{2+} (aq) + H2S (aq)}$ ප්‍රතික්‍රියාවේ සමතුලිතතා නියතය, $K_c$ වනුයේ,
$2.0 \times\ 10^{-16}$
$5.0 \times\ 10^{-8}$
$20$
$5.0 \times\ 10^{5}$
$2.0 \times\ 10^{7}$
$\mathrm{A}$ නමැති කාබනික සංයෝගයේ බර අනුව $39.97\%$ ක් $\mathrm{C}$, $6.73\%$ ක් $\ce{H}$ හා $53.30\%$ ක් $\ce{O}$ අඩංගු වේ. $\mathrm{A}$ හි ආනුභවික සූත්‍රය කුමක් ද? $\ce{(H = 1, C = 12, 0 = 16)}$
$\ce{C6H8O2}$
$\ce{C2H4O2}$
$\ce{C3H7O3}$
$\ce{C3H6O3}$
$\ce{CH2O}$
ලිතියම් $\ce{(Li)}$ සහ එහි සංයෝගවල රසායනය සම්බන්ධයෙන් පහත සඳහන් කුමන වගන්තිය අසත්‍ය වේ ද?
ලිතියම්, ඔක්සිජන් වායුව සමග ප්‍රතික්‍රියා කර $\ce{Li2O}$ ලබා දේ.
I කාණ්ඩයේ ලෝහ අතුරෙන් ඉහළ ම ද්‍රවාංකය ඇතේ ලිතියම්වලට ය.
$\ce{LiOH}$ හි භාස්මිකතාව $\ce{NaOH}$ හි භාස්මිකතාවට වඩා අඩු ය.
I කාණ්ඩයේ කාබන්ට අතුරෙන් අඩුම තාපස්ථායිතාවක් ඇත්තේ $\ce{Li3CO3}$ වලට ය.
$\ce{LiCl}$ පහන්සිළු පරික්ෂාවට භාජනය කළ විට නිල් පැහැයක් ලබා දේ.
$\ce{F2NNO}$ අණුවේ වඩාත් ම ස්ථායි ලුවිස් ව්‍යුහයේ $\ce{N^{(1)}}$ සහ $\ce{N^{(2)}}$ පරමාණුවල ඔක්සිකරණ අවස්ථා වනුයේ පිළිවෙළින්,

+2 සහ +2
+1 සහ +3
+2 සහ +3
+1 සහ +2
+3 සහ +1