GCE A/L Chemistry 2015 MCQ - Sihala

GCE A/L Chemistry 2015 MCQ - Sihala

ChemistryAdvancedLevel2015
50
Questions
2h 0m
Duration

Description

GCE Advanced Level Chemistry 2015 MCQ - Sihala

Questions

10 of 50 questions loaded

1.

පරමාණුක ව්‍යුහයේ 'ප්ලම් පුඩින්' (plum pudding) ආකෘතිය ඉදිරිපත් කරන ලද්දේ,

1

ජෝන් ඩෝල්ටන් විසිනි.

2

ජේ.ජේ. තොම්සන් විසිනි.

3

ග්ලෙන් සීබෝග් විසිනි.

4

අර්නස්ට් රදර්ෆඩ් විසිනි.

5

රොබට් මිලිකන් විසිනි.

2.

$\ce{B, O, S, S^{-2}}$ සහ $\ce{Cl}$ පරමාණු/අයනවල අරයන් වැඩි වන පිළිවෙළ වනුයේ,

1

$\ce{B < O < Cl < S < S^{-2}}$

2

$\ce{S < S^{-2} < O < B < Cl}$

3

$\ce{O < B < Cl < S < S^{-2}}$

4

$\ce{O < B < S < S^{-2} < Cl}$

5

$\ce{B < O < S < S^{-2} < Cl}$

3.

$\ce{X}$ සංයෝගයේ IUPAC නම කුමක් ද?gce-al-chemistry-2015-1-sinhala-3

1

2-hydroxy-2-methyl-5-oxo-3-hexynoicacid

2

2-hydroxy-2-methyl-5-oxo-3-hexynoic acid

3

2-hydroxy-5-keto-2-methyl-3-hexynoic acid

4

5-carboxy-5-hydroxy-3-hexyn-2-one

5

2-carboxy-5-oxo-3-hexyn-2-ol

4.

පරමාණුවල ගුණ සම්බන්ධයෙන් පහත සඳහන් කුමන වගන්තිය අසත්‍ය වේ ද?

1

අයඩීන් පරමාණුවේ සහසංයුජ අරය, එහි වැන්ඩවාල් අරයට වඩා කුඩා ය.

2

$\ce{O}$ පරමාණුවේ පළමු ඉලෙක්ට්‍රෝන බන්ධුතාව $\ce{N}$ පරමාණුවේ එම අගයට වඩා වැඩි ය.

3

පරමාණුවක අයනීකරණ ශක්තිය නිර්ණය කරනු ලබන්නේ එහි න්‍යෂ්ටික ආරෝපණය සහ අරය මගින් පමණි.

4

$\ce{Li}$ පරමාණුවක සංයුජතා ඉලෙක්ට්‍රෝනයට දැනෙන න්‍යෂ්ටික ආරෝපණය 3ට වඩා අඩු ය.

5

පෝලිං පරිමාණයේ $\ce{C}$ පරමාණුවේ විද්‍යුත් ඍණතාව $\ce{S}$ හි විද්‍යුත් ඍණතාවට සමාන වේ.

5.

පහත දී ඇති සංයෝග අතරින් අඩුම වාෂ්පශීලීතාවය ඇත්තේ කුමකට ද?

1

$\ce{CBr4}$

2

$\ce{CHBr3 }$

3

$\ce{CH2Br2}$

4

$\ce{CH3Cl}$

5

$\ce{CH2Cl2}$

6.

කාබනේට මිශ්‍රණයක අඩංගු $\ce{MgCO3}$ සහ $\ce{CaCO3}$ අතර මවුල අනුපාතය පිළිවෙළින් 5:1 ලෙස ඇත. මෙම මිශ්‍රණයෙන් දන්නා ස්කන්ධයක් රත් කළ විට සෑදුණු $\ce{CO2}$ සම්මත උෂ්ණත්වයේ දී හා පීඩනයේ දී $134.4\ \mathrm{dm^3}$ පරිමාවක් ගනී. රත් කරන ලද කාබනේට මිශ්‍රණයේ ස්කන්ධය වන්නේ, ($\ce{C = 12, 0 = 16, Mg = 24, Ca = 40}$, සම්මත උෂ්ණත්වයේ දී හා පීඩනයේ දී වායු මවුල එකක් ගන්නා පරිමාව $224\ \mathrm{dm^3}$ වේ.)

1

$52\ \mathrm{g}$

2

$520\ \mathrm{g}$

3

$750\ \mathrm{g}$

4

$900\ \mathrm{g}$

5

$1040\ \mathrm{g}$

7.

$\ce{A3B2}$ යනු ජලයෙහි ඉතා අල්ප වශයෙන් ද්‍රවණය වන ලවණයකි. $25\ °C$ දී එහි ද්‍රාව්‍යතාව සහ ද්‍රාව්‍යතා ගුණිතය පිළිවෙලින් $s\ \mathrm{mol\ dm^{-3}}$ සහ $K_{sp}$ වේ. $s$ සඳහා නිවැරදි ප්‍රකාශනය වනුයේ,

1

$\Big( \frac{K_{sp}}{36} \Big)^5$

2

$\Big( \frac{K_{sp}}{36} \Big)^{^1/_5}$

3

$\Big( \frac{K_{sp}}{72} \Big)^{^1/_5}$

4

$\Big( \frac{K_{sp}}{108} \Big)^{^1/_5}$

5

$\Big( \frac{K_{sp}}{108} \Big)^5$

8.

පහත සඳහන් කුමන ප්‍රතික්‍රියාව, මීතේන්හි මුක්ත ඛණ්ඩ ක්ලෝරිනීකරණ ප්‍රතික්‍රියාවේ දාම ප්‍රචාරණ පියවරක් නිවැරදි ව දක්වයි ද?

1

gce-al-chemistry-2015-1-sinhala-8-1

2

gce-al-chemistry-2015-1-sinhala-8-2

3

gce-al-chemistry-2015-1-sinhala-8-3

4

gce-al-chemistry-2015-1-sinhala-8-4

5

gce-al-chemistry-2015-1-sinhala-8-5

9.

ඇලුමිනියම්හි රසායනය පිළිබඳ ව පහත සඳහන් කුමන වගන්තිය අසත්‍ය වේ ද?

1

ඇලුමිනියම් සංයෝග උත්ප්‍රේරක වශයෙන් භාවිත වේ.

2

ඇලුමිනියම් ලෝහය තනුක $\ce{HCl}$ සමග ප්‍රතික්‍රියා කර $\ce{H2}$ වායුව සාදයි.

3

ඝන ඇලුමිනියම් ක්ලෝරයිඩ් ජලයේ දිය කළ විට සෑදෙන ද්‍රාවණය හාෂ්මක වේ.

4

ඝන ඇලුමිනියම් ක්ලෝරයිඩ් හි ඇලුමිනියම් පරමාණු වටා හැඩය චතුස්තලීය වේ.

5

ඝන අවස්ථාවේ ඇලුමිනියම් ක්ලෝරයිඩ් ද්වි-අවයවයක් වශයෙන් පවතී.

10.

පහත සඳහන් වගුවේ කුමන පේළිය $\ce{SSF2}$ අණුවේ මධ්‍ය $\ce{S}$ පරමාණුව පිළිබඳ නිවැරදි තොරතුරු ලබා දෙයි ද?

gce-al-chemistry-2015-1-sinhala-10

1
2
3
4
5