GCE A/L Chemistry 2017 MCQ - Sinhala

GCE A/L Chemistry 2017 MCQ - Sinhala

ChemistryAdvancedLevel2017
50
Questions
2h 0m
Duration

Description

This is chemistry past paper.

Questions

10 of 50 questions loaded

1.

පරමාණුවක ව්‍යුභය පිළිබඳ ව තොම්සන්ගේ 'ප්ලම්‌ පුඩිං' ආකෘතිය වැරදි බව ඔප්පු කළ විද්‍යාඥයා වනුයේ,

1

අර්නස්ට්‌ රදර්ෆඩ්.

2

රොබට්‌ මිලිකන්‌. 

3

නීල්ස්‌ බෝර්‌.

4

ඉයුජීන්‌ ගෝල්ඩ්ස්ටයින්‌. 

5

හෙන්රි මෝස්ලි.

2.

පහත අණු සම්බන්ධයෙන්‌ මින්‌ කුමන වගන්තිය අසත්‍ය වන්නේ ද?

$CO_2, BF_3, PF_3, CF_4, XeF_4, SF_6$

1

සියලු ම අණුචලට ධ්‍රැවීය සභසංයුජ්‌ බන්ධන ඇත.

2

සියලු ම අණුචලට වෙනස්‌ හැඩයන්‌ ඇත.

3

සියලු ම අණු අෂ්ටක නීතිය අනුගමනය නොකරයි.

4

සියලු ම අණු නිර්ධ්‍රැවීය වේ.

5

අණු දෙකක පමණක්‌ ඒවායෙහි මධ්‍ය පරමාණු සතුව එකසර ඉලෙක්ට්‍රෝන යුගල්‌ පවතී.

3.

පහත දැක්වෙන සංයෝගයේ IUPAC නාමය කුමක්‌ ද?

chemistry-2017-mcq-03

1

4-formylhex-1-yn-3-ol 

2

4-formyl-3-hydroxyhex-1-yne

3

2-ethyl-3-hydroxy-4-ynepentanal

4

3-hydroxy-4-ethyl-1-ynepentanal

5

2-ethyl-3-hydroxypent-4-ynal

4.

නයිට්‍රජන්හි ඔක්සිකරණ අවස්ථාව $-1$ වන්නේ,

1

$N_2O_4$

2

$N_2O$ 

3

$NO_2F$ 

4

$NH_3$ 

5

$NH_2OH$

5.

මධ්‍ය පරමාණුව වටා ත්‍රියානති ද්විපිරමීඩාකාර ඉලෙක්ට්‍රෝන යුගල්‌ ජ්‍යාමිතිය පදනම්‌ කර ගනිමින්‌ ජනනය වී ඇති අණුවල හැඩයන්‌ කිහිපයක්‌ ඇත. ඒවා නම්‌,

1

රේඛීය, කෝණික, සී-සෝ. 

2

රේඛීය, T' - හැඩය, සී-සෝ.

3

රේඛීය, ත්‍රියානති පිරමීඩාකාර, T'- හැඩය.

4

තලීය ත්‍රිකෝණාකාර, කෝණික, T' - හැඩය.

5

රේඛීය, තලීය ත්‍රිකෝණාකාර, සී-සෝ.

6.

ඇමෝනියම්‌ නයිට්රේට් ඉහළ උෂ්ණත්වයේ දී, නයිට්රජන්‌ වායුව, ඔක්සිජන්‌ වායුව හා ජල වාෂ්ප සාදමින්‌ ස්ඵෝටික ලෙස වියෝජනය වේ. සම්මත උෂ්ණත්වයේ දී භා පීඩනයේ දී ඇමෝනියම්‌ නයිට්රේට්‌ $240 g$ වියෝජනය වීමෙන්‌ සෑදෙන මුළු වායු ලීටර සංඛ්‍යාව වනුයේ,

($H=1,N= 14,0 = 16,$ සම්මත උෂ්ණත්වයේ දී හා පීඩනයේ දී වායු මවුල එකක පරිමාව ලීටර 22.4 වේ.)

1

$33.6$

2

$67.2$

3

$100.8$

4

$134.4$

5

$235.2$

7.

$AX$ සහ $BX_2$, යනු ජලයෙහි අල්ප වශයෙන්‌ ඳ්‍රාව්‍ය ලවණ දෙකකි. කාමර උෂ්ණත්වයේ දී ඒවායෙහි ද්‍රාව්‍යතා ගුණිත පිළිවෙළින්‌ $K_{sp_1}$ සහ $K_{sp_2}$ වේ.  $AX $හි ද්‍රාව්‍යතාව $p $ වචන අතර $BX_2$ එම අගය $q $ වේ. එක්‌ එක්‌ ලවණය එහි සංතෘප්ත ද්‍රාවණය සමග සමතුලිතතාවයෙහි ඇති විට ${{K_{sp_1} }\over{ [A^+_{(aq)} ] } } = {{K_{sp_2} }\over{ [A^{2+}_{(aq)} ] } }$ වේ නම්‌, පහත සඳහන්‌ ඒවායින්‌ කුමක්‌ නිවැරදි වේ ද?

1

$p = q^2$

2

$p^2 = q$

3

$4p = q^2$

4

$p = 4q^2$

5

$p = 2q^2$

8.

ක්ෂාර හා ක්ෂාරිය පාංශු ලෝහ සම්බන්ධයෙන්‌ මින්‌ කුමන වගන්තිය අසත්‍ය වේ ද?

1

සියලු ම ක්ෂාරිය පාංශු ලෝහ $\ce{N2}$ වායුව සමග ඉහළ උෂ්ණත්වයේ දී ප්‍රතික්‍රියා කරයි.

2

ක්ෂාරිය පාංශු ලෝභවල ද්‍රවාංක එම ආවර්තයේම ඇති ක්ෂාර ලෝහවල ද්‍රවාංක වලට වඩා වැඩි ය.

3

ක්ෂාර ලෝභවල දෙවන අයනීකරණ ශක්තීන්‌ එම ආවර්තයේම ඇති ක්‍ෂාරීය පාංශු ලෝහචල එම අගයයන්ට වඩා බොහෝ වැඩි ය.

4

ක්ෂාරිය පාංශු ලෝහ සාඳන සියලු ම හයිඩ්‍රොක්සයිඩ්‌ ප්‍රබල භස්ම වේ.

5

ක්ෂාර ලෝභ හයිඩ්‍රොක්සයිඩ ද්‍රාව්‍යතාව කාණ්ඩයේ පහළට වැඩි වේ.

9.

ලිතියම්හි $\ce{Li}$ සංයුජතා ඉලෙක්ට්‍රෝනයට දැනෙන න්‍යෂ්ටික ආරෝපණය,

($\ce{Li, Z = 3}$ හා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය = $7$)

1

$+3$ ට සමාන ය.

2

 $+3$ ට වඩා අඩු ය.

3

 $+3$ ට වඩා වැඩි ය.

4

 $+7$ ට සමාන ය.

5

 $+7$ ට වඩා අඩු ය

10.

දී ඇති උෂ්ණත්වයක දී සංවෘත දෘඩ භාජනයක්‌ තුළ පහත සමතුලිතතාවය පවතී,

$\ce{2SO3(g) <=>2SO2(g) + O2(g)}$

එම උෂ්ණත්වයේ දී භාජනය තුළට අමතර $\ce{O2(g)}$ ප්‍රමාණයක්‌ එකතු කරන ලදී. සමතුලිතතාවයට නැවත එළඹුණු පසු මුල්‌ සමතුලිතතාවයෙහි තිබූ අගයට සන්සන්දනාත්මකව වඩා අඬු අගයයක්‌ තිබෙන්නේ මින්‌ කුමක ද?

1

ප්‍රතික්‍රියාවේ සමතුලිතතා නියතය

2

පද්ධතියේ මුළු පීඩනය.

3

පද්ධතියේ ඇති $\ce{SO2(g)}$ ප්‍රමාණය.

4

පද්ධතියේ ඇති $\ce{SO3(g)}$ ප්‍රමාණය

5

පද්ධතියේ ඇති $\ce{O2(g)}$ ප්‍රමාණය