
GCE Advanced Level Physics 2015 MCQ - Sinhala
10 of 50 questions loaded
ඉලෙක්ට්‍රෝන වෝල්ට $(\mathrm{eV})$ යනු
ආරෝපණයේ ඒකකයකි.
විභවයේ ඒකකයකි.
ධාරිතාවේ ඒකකයකි.
ශක්තියේ ඒකකයකි.
විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවයේ ඒකකයකි.
පහත සඳහන් $A$, $B$ සහ $C$ යන මිනුම්, නිවැරදි ලෙස තෝරා ගත් මිනුම් උපකරණ භාවිතයෙන් ලබා ගෙන ඇත.
$A=3.1\ \mathrm{cm}$ $B = 4.23\ \mathrm{cm}$ $C = 0.354\ \mathrm{cm}$
$A$, $B$ සහ $C$ යන මිනුම් සඳහා යොදා ගෙන ඇති උපකරණ වනුයේ
| A | B | C | |
| (1) | ව'නියර් කැලිපරය | ව'නියර් කැලිපරය | මයික්‍රෝමීටර ඉස්කුරුප්පු ආමානය |
| (2) | මීටර කෝදුව | මීටර කෝදුව | ව'නියර් කැලිපරය |
| (3) | මීටර කෝදුව | මයික්‍රෝමීටර ඉස්කුරුප්පු ආමානය | චල අණ්වීක්ෂය |
| (4) | මීටර කෝදුව | ව'නියර් කැලිපරය | මයික්‍රෝමීටර ඉස්කුරුප්පු ආමානය |
| (5) | ව'නියර් කැලිපරය | මීටර කෝදුව | චල අණ්වීක්ෂය |
ව'නියර් කැලිපරය මයික්‍රෝමීටර ඉස්කුරුප්පු ආමානය මීටර කෝදුව චල අණ්වීක්ෂය
එක එකෙහි බල්බය තුළ සමාන රසදිය පරිමාවන් ඇති $A$ සහ $B$ රසදිය විදුරු උෂ්ණත්වමාන දෙකක කේශික නලවල අරයයත් පිළිවෙළින් $r$ සහ $\frac{r}{3}$ වේ. බල්බවල උෂ්ණත්ව $1\ \mathrm{°C}$ කින් වැඩි කළ විට
යන අනුපාතය ආසන්න වශයෙන් (වීදුරුවල ප්‍රසාරණය නොසලකා හරින්න.)
$\frac{1}{9}$
$\frac{1}{3}$
$1$
$3$
$9$
ධ්වනි තීව්‍රතා මට්ටම $1\ \mathrm{dB}$ කින් ඉහළ නැංවූයේ නම්, ධ්වනි තීව්‍රතාව කොපමණ සාධකයකින් වැඩි වේ ද?
$1$
$10^{0.1}$
$10^1$
$10^{10}$
$10^{12}$
ප්‍රකාශ උපකරණ තුනක් පිළිබඳ ව කර ඇති පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න.
ඉහත ප්‍රකාශවලින්,
A පමණක් සත්‍ය වේ.
A සහ B පමණක් සත්‍ය වේ.
A සහ C පමණක් සත්‍ය වේ.
B සහ C පමණක් සත්‍ය වේ.
A, B සහ C සියල්ල ම සත්‍ය වේ.
රූපයේ පෙන්වා ඇති පරිදි $7.5\ \mathrm{cm}$ ක ඝනකමකින් යුත් පතුලක් සහිත සිලින්ඩරාකාර වීදුරු භාජනයක් $13.3\ \mathrm{cm}$ උ
සකට ජලයෙන් පුරවා ඇත. වීදුරු සහ ජලයේ වර්තන අංක පිළිවෙළින් $1.5$ සහ $1.33$ වේ. ජල පෘෂ්ඨයට ඉහළින් නිරික්ෂණය කළ විට, භාජනයේ පතුලේ $P$ ලක්ෂ්‍යයෙහි පිහිටි සලකුණක දෘශ්‍ය ගැඹුර වන්නේ,
$5.8\ \mathrm{cm}$
$10.9\ \mathrm{cm}$
$11.6\ \mathrm{cm}$
$11.9\ \mathrm{cm}$
$15.0\ \mathrm{cm}$
කඹයකින් ශක්තිමත් ගසක බැඳ ඇති ගවයෙක් යාබද ව ඇති පොල්
පැළයක් කෑමට උත්සාහ කරන ආකාරය $(a)$ රූපයෙහි පෙන්වා ඇත. ගවයා සඳහා නිදහස් වස්තු රූප සටහන (free-body diagram) නිවැරදි ව දැවෙන්නේ,





රූපයේ දක්වා ඇති කප්පි සැකසුම මගින්, $D$ ප්‍රකර්ෂණ උපකරණයකට සම්බන්ධ කර ඇති
රෝගියකුගේ පාදය මත බලයක් ඇති කරයි. කප්පි ඝර්ෂණයෙන් තොර වන අතර පද්ධතිය සමතුලිතතාවයේ පවතී. $D$ මගින් පාදය මත ක්‍රියාකරන තිරස් බලය $80\ \mathrm{N}$ නම්, එල්ලා ඇති $m$ ස්කන්ධයෙහි අගය වන්නේ $\Big( \cos 30^0 = \frac{\sqrt{3}}{2} \Big)$
$\frac{4}{\sqrt{3}}\ \mathrm{kg}$
$4\ \mathrm{kg}$
$\frac{8}{\sqrt{3}}\ \mathrm{kg}$
$8\ \mathrm{kg}$
$8\sqrt{2}\ \mathrm{kg}$
එක එකෙහි ක්ෂේත්‍රඵලය $A$ වූ ලෝහ තහඩු දෙකක් භාවිත කර, පරතරය $0.9\ \mathrm{cm}$ සහිත වාතය මාධ්‍ය ලෙස ඇති $1\ \mathrm{F}$ සමාන්තර තහඩු ධාරිත්‍රකයක් සෑදුවහොත්, $A$ ක්ෂේත්‍රඵලයෙහි අගය ආසන්න වශයෙන් වන්නේ, ($\epsilon_0$ හි අගය $9 \times 10^{-12} \ \mathrm{Fm^{-1}}$ ලෙස ගන්න.)
$1\ \mathrm{cm^{2}}$
$100\ \mathrm{cm^{2}}$
$1000\ \mathrm{m^{2}}$
$100\ \mathrm{km^{2}}$
$1000\ \mathrm{km^{2}}$
දී ඇති පරිපථයෙහි බැටරියෙන්
ඇදගන්නා ධාරාව (ඇම්පියරවලින්) වනුයේ,
$\frac{1}{R}$
$\frac{2}{R}$
$\frac{3}{R}$
$\frac{4}{R}$
$\frac{5}{R}$