GCE A/L Physics 2019 MCQ - Sinhala (OLD)

GCE A/L Physics 2019 MCQ - Sinhala (OLD)

PhysicsAdvancedLevel2019
50
Questions
2h 0m
Duration

Description

GCE Advanced Level Physics 2019 MCQ - Sinhala (OLD)

Questions

10 of 50 questions loaded

1.

පහත සඳහන් ඒකක අතුරෙන් මූලික ඒකකයක් නොවන්නේ කුමක් ද?

1

$\mathrm{m}$

2

$\mathrm{J}$

3

$\mathrm{cd}$

4

$\mathrm{K}$

5

$\mathrm{mol}$

2.

ගුරුත්වාකර්ෂණ නියතය $G$ හි මාන දෙනු ලබන්නේ,

1

$\mathrm{L^2M^{-1}T^{-1}}$

2

$\mathrm{L^2M^{-2}}$

3

$\mathrm{L^2M^{-2}T^{-1}}$

4

$\mathrm{L^3M^{-1}T^{-2}}$

5

$\mathrm{L^3M^{-2}T^{-2}}$

3.

ද්වි-ධ්‍රැවීය සන්ධි ට්‍රාන්සිස්ටරයක් සංතෘප්ත අවස්ථාවේ ක්‍රියාත්මක වන විට පාදම ධාරාව තවදුරටත් වැඩි කිරීම

1

ට්‍රාන්සිස්ටරය සංවෘත $(ON)$ කරයි.

2

ට්‍රාන්සිස්ටරය විවෘත $(OFF)$ කරයි.

3

සංග්‍රාහක ධාරාව වැඩි කරයි.

4

සංග්‍රාහක ධාරාව අඩු කරයි.

5

සංග්‍රාහක ධාරාව වෙනස් නොකරයි.

4.

න්‍යෂ්ටික විලයනය මගින් බල ශක්ති ජනනය කිරීම අභියෝගාත්මක වන්නේ,

1

සැහැල්ලු න්‍යෂ්ටි බහුල නොවීම නිසා ය.

2

න්‍යෂ්ටික අපද්‍රව්‍ය බැහැර කිරීම අපහසු වීම නිසා ය.

3

හානිකර විකිරණ නිකුත් වීම නිසා ය.

4

න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව පාලනය කිරීම දුෂ්කර වීම නිසා ය.

5

අවශ්‍ය ප්‍රතික්‍රියා තත්ව ලබා ගැනීමට නොහැකි වීම නිසා ය.

5.

ලක්ෂීය වස්තුවක් මගින් ඇති වන ගුරුත්වජ විභවය $V(r)$, දුර $r$ සමග විචලනය වීම වඩාත් හොඳින් නිරූපණය කරනු ලබන්නේ,

1

physics-2019-1-5-1

2

physics-2019-1-5-2

3

physics-2019-1-5-3

4

physics-2019-1-5-4

5

physics-2019-1-5-5

6.

උණත්වමිතිය සම්බන්ධයෙන් පහත ප්‍රකාශවලින් නිවැරදි නොවන්නේ කුමක් ද?

1

උෂ්ණත්වය සමග විචලනය වන මැනිය හැකි භෞතික රාශියක් පැවතිය යුතු ය.

2

රසදිය-වීදුරු උෂ්ණත්වමාන තුනී බිත්ති සහිත වීදුරු බල්බවලින් සමන්විත ය.

3

විශාල රසදිය බල්බයක් සහිත රසදිය-වීදුරු උණත්වමානයක් භාවිත කිරීමෙන් මිනුම් පරාසය වැඩි කර ගත හැකි ය.

4

එකිනෙකට වෙනස් වර්ග දෙකක උෂ්ණත්වමාන එකම උෂ්ණත්වයක දී සුළු වශයෙන් වෙනස් පාඨකයන් ලබාදිය හැක්කේ සියලු ම උණත්වමිතික ගුණ එක සමාන ලෙස සංවේදී නොවීම නිසා ය.

5

රසදිය හා වීදුරු අතර විශාල ස්පර්ශ කෝණයක් තිබීම රසදිය-වීදුරු උෂ්ණත්වමානයකින් නිවැරදි පාඨාක ගැනීම සඳහා වාසියක් වේ.

7.

පාරජම්බුල සහ අතිධ්වනි තරංගවල භෞතික ගුණ පිළිබඳ පහත ප්‍රකාශ සලකන්න.

  • (A) තරංග දෙකෙහිම ශක්තිය ඒවායේ සංඛ්‍යාත මත රඳා පවතී.
  • (B) තරංග දෙකටම ද්‍රව්‍ය අයනීකරණය කිරීමේ හැකියාව ඇත.
  • (C) තරංග දෙකම ධ්‍රැවීකරණය කළ හැක.

ඉහත ප්‍රකාශවලින් නිවැරදි නොවන්නේ කුමක් ද?/කුමන ඒවා ද?

1
A පමණි
2
A සහ B පමණි
3
A සහ C පමණ
4
B සහ C පමණි
5
A, B, සහ C සියල්ලම

8.

රූපයේ දක්වා ඇති ආකාරයට වස්තුවක් වෘත්තාකාර පථයක නියත $v$ වේගයකින් චලිත වේ. $A$ සිට $B$ දක්වා චලිත වීමේ දී වස්තුවේ සිදු වන ප්‍රවේගයේ වෙනස් වීම වනුයේ,physics-2019-1-8

1

physics-2019-1-8-1

2

physics-2019-1-8-2

3

physics-2019-1-8-3

4

physics-2019-1-8-4

5

physics-2019-1-8-5

9.

බර උසුලනෙක් ඔහුගේ දෑතින් භාරයක් සිරස්ව ඉහළට (ධන දිශාව) ඔසවයි. පිළිවෙළින්

  • (a) ඔහුගේ දෑත් මගින් භාරය මත,
  • (b) ගුරුත්වය මගින් භාරය මත, සහ
  • (c) භාරය මගින් ඔහුගේ දෑත් මත

කරනු ලබන කාර්යයේ ලකුණ වනුයේ,

physics-2019-9-answers

1
2
3
4
5
10.

රූපයේ දක්වා ඇති පරිදි $E_1$, $E_2$, සහ $E_3$ $(E_1 < E_2 < E_3)$ ශක්තීන් සහිත, gce-al-physics-2019-mcq-sinhala-old-10මට්ටම් තුනක ලේසර් (LASER) පද්ධතියක් සම්බන්ධයෙන් පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න.

  • (A) ලේසර් ක්‍රියාවලිය සිදු වන්නේ ශක්ති මට්ටම් 2 හා 1 අතර ය.
  • (B) පොම්පකරණ විකිරණයේ (pumping radiation) සංඛ්‍යාතය $\frac{E_1 - E_2}{h}$
  • (C) 3 මට්ටම මීතස්ථායි (metastable) ශක්ති මට්ටම ලෙස හැඳින්වේ.

ඉහත ප්‍රකාශවලින් නිවැරදි වන්නේ කුමක් ද? / කුමන ඒවා ද?

1

A පමණි

2

B පමණ

3

C පමණි

4

A සහ C පමණි

5

B සහ C පමණි